Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 18:36:00 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Captain Ian Cain ) බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

තවද, කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමන්ඩා ජොන්ස්ටන් සීඑස්සී (Colonel Amanda Johnston CSC ) ද මෙම අවස්ථාවට සහභාගි විය. පැවති සුහද හමුවේදී ද්විපාර්ශවීය කරුණු සහ හමුදා සංවිධානයන් අතර දිනෙන් දින වර්ධනය වන සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුවේදී ධූරයෙන් නික්ම යන කපිතාන් ඉයන් කේන් සිය ධුරකාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පුදකළ අතර, මෙරට යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සඳහාද සිය සුබ පැතුම් ද එක් කළේය.

සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකතුමන්ගේ ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය අගය කරමින් සමරු තිළිණයක්ද ප්‍රධානය කල අතර, නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්ව සිටින කර්නල් ඇමන්ඩා ජොන්ස්ටන් සීඑස්සී වෙතද සමරු තිළිණයක් ප්‍රධානය කරනු ලැබීය.