Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2021 14:49:41 Hours

දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ නිරීක්‍ෂණයට

ඓතිහාසික දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුුතු නිරීක්‍ෂණය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සිවිල් බලධාරීන් පිරිසක් අඟහරුවාදා (26) දින එහි නිරීක්‍ෂණ චාරීකාවක නිරත වූහ.

එම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩිඑම්එල් බණ්ඩාරනායක, ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් මේජර් ජෙනරල් නන්දන සේනාධීර, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රොබින් ජයසූරිය, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ මිනින්දෝරුවන් ද එක් වූහ.

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා දිනකට අවශ්‍ය ස්ථූප ගඩොල් 30,000 ක පමණ ප්‍රමාණය යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර ඇති බව එහිදි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පැවසිය.වැඩිදුරටත් අදහස් දැක්වමින් එතුමන් ප්‍රකාශ කළේ “ස්තූපය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වීමට කැමති බැතිමතුන් හට මෙම උදාර අරමුණ සඳහා මූල්‍යමය දායකත්වය ලබාදීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවය. වසර තුනක කාලයක් තුළ මෙම මහා ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ලැබෙන පරිත්‍යාගයන්හි විනිවිදභාවය තහවුරු කිරීමට කටයුතු කරන බවත් එහිදි වැඩිදුරටත් එතුමන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා දීඝවාපිය විහාරයේ විහාරාධිපති මහඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝ රත්නය, සිවිල් නිලධාරින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ බැතිමතුන් පිරිසක් සහභාගී වූහ. Sportswear Design | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf