Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2018 20:58:26 Hours

දිවයින පුරා පොසොන් සැමරුමට යුද්ධ හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් උදාවු පොසොන් පොහෝ දිනය (ජුනි මස 27) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන ඇතුළු අනෙකුත් හමුදා කඳවුරු විසින් දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස පොසොන් සැරසිලි ප්‍රදර්ශනය කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය දිවයින පුරා පිහිටි පොසොන් කලාප සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම පොසොන් කලාප සැරසීම, බැති ගී ප්‍රසංග පැවැත්වීම, දන්සැල් පැවැත්වීම සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ඇතුළු ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස්හි සහාය ඇතිව යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් වර්ණවත් කූඩු සහ විදුලි බල්බ වලින් අලංකරණය කරන ලද අතර පේදුරුතුඩුව සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි විශේෂ පොසොන් කලාපයන් ද පිහිටුවන ලදී. 52 සහ 55 වන සේනාංක මුලස්ථානයන් හි සම්බන්ධිකරණයෙන් ප්‍රදේශයට පැමිණෙන වන්දනාකරුවන් හට දන්සල් ද පවත්වන ලද අතර මෙම වැඩසටහන් සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීමට අනුව පවත්වනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ස්වාධීණ රුපවාහිනී මාධ්‍ය ජාලය හා සම්බන්ධීකරණයෙන් පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බොහෝ ආගමික වැඩසටහන් මෙන්ම ශීල සාමදාන වැඩසටහන්, දන්සැල් සහ පොසොන් කූඩු ප්‍රදර්ශනය කිරිම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ මඩුකන්ද ප්‍රදේශයේ බෞද්ධ කොඩිවලින් සැරසීම හා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත සිංහල හා දමිල බසින් පොසොන් බැති ගී ගයනා ප්‍රසංගයක් ද පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ එම භට පිරිස් විසින් මාන්කුලම් සහ කිලිනොච්චි යන ප්‍රදේශයන් හි පොසොන් කලාප පිහිටුවන ලද අතර බෝධි පුජා පිංකම්, අනෙකුත් බෞද්ධ ආගමික වතාවත්, භක්ති ගීත ගායනා, පොසොන් කූඩු ප්‍රදර්ශනය වැනි ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක සහ සිංගප්පුරුවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේ මුලතිව් ප්‍රදේශයේ පවත්වන ලද භාණ්ඩ පරිත්‍යාග උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව 57 වන සේනාංකය විසින් මාන්කුලම් ප්‍රදේශයේ සංවිධානය කරන ලද පොසොන් කලාපය සඳහා වැඩමවු අතර 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ද එම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙම පොසොන් කලාපයන් සඳහා 57 සහ 65 වන සේනාංකයන් හි දායකත්වයද ලැබුණ අතර මෙම පොසොන් කලාපය සංහිඳියාව සහ ආගමික සහජීවනය විදහා දක්වමින් ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලා, හින්දු කුරුක්කල්තුමාන්ලා සහ මවුලවිතුමන්ලා විසින් විවෘත කරන ලදී.

පොසොන් සැමරුම සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය ද එක්වෙමින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදසේ පරිදි මුලතිව් ප්‍රදේශයේ විචිත්‍රවත් පොසොන් කූඩු ප්‍රදර්ශනය කරන ලද අතර මුලතිව් ප්‍රදේශවාසීන් වෙත දන්සලක් ද සංවිධානය කරන ලදී.

එමෙන්ම, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස්, යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ භට පිරිස් හා එක්ව පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ශීල භාවනා වැඩසටහනක් පොසොන් පොහෝ දිනය පුරාවට පවත්වන ලද අතර මෙහෙණින් වහන්සේලා 2500 ක් ද මෙම වැඩසටහන සඳහා එක්වුහ. තවද, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය ඉදිරිපිට කඩල දන්සලක් ද සංවිධානය කර තිබු අතර පනාගොඩ යුද්ධ හමුදා ජනපද ප්‍රදේශය තුල ජංගම බැති ගී ගයනා ප්‍රසංගයක් ද පවත්වන ලදී.

දියතලාව, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය ද පොසොන් පොහොය නිමිත්තෙන් දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේ පොසොන් කූඩු ප්‍රදර්ශනයක් හා දන්සලක් පවත්වන ලද අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. මේ අතර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල, උඩඅරාව, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පොසොන් කලාපයක් සංවිධානය කර තිබු අතර පොසොන් කූඩු ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී.

එමෙන්ම මෙවර නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ජාතික වෙසක් කලාපය පැවති අතර එහි පොසොන් කූඩු ප්‍රදර්ශන, බෞද්ධ වේදිකා නාට්‍ය, භක්ති ගීත ප්‍රසංග සහ දන්සල් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කර තිබුණි. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ උපදෙස් පරිදි පොලොන්නරුව නගරය විචිත්‍රවත් අන්දමින් සරසා තිබුණි.

මේ අතර අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය ද පොසොන් කූඩු ප්‍රදර්ශනය සහ බැති ගී ප්‍රසංගයක් ඇතුලත් පොසොන් කලාපයක් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ද එක්ව සිටියහ.

මේ අතරතුර, 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනාවේ භට පිරිස් පොසොන් පොහොය නිමිතිකොටගෙන ගාල්ල, බූස්ස ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ දී දන්සලක් සංවිධානය කරන ලදී.

එමෙන්ම උදාවු පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර, කළැත්තෑව 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළු නිලයින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය විවෘත කිරිම ද පොසොන් පොහෝ දින සිදුකෙරිණි.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ධර්මසිරි කහපොල ගේ උපදෙස් පරිදි එම පුහුණු පාසලේ භට පිරිස් හි සහයෝගයෙන් පොසොන් පොහෝ දිනයට සමඟාමිව බ්‍රහස්පතින්දා (28) දින බත් දන්සලක් පවත්වන ලද අතර ඒ සඳහා සිවිල් වැසියන් 4000 ක් පමණ සහභාගිවන ලදී.

මේ අතර, පොසොන් පොහොයට සමගාමීව ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහා විහාරස්ථානයේ පොසොන් පෙරහැර එම ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංක මූලස්ථානය විසින් ජූනි මස 28 සහ 29 දිනයන්හිදි පවත්වනු ලැබීය.

භට පිරිස් විසින් වේවැල්, කඩදාසි සහ අනෙකුත් ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් නිර්මාණය කරන ලද අලංකාරවත් වෙසක් කුඩු ගණනාවක් ද විහාරස්ථාන පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය කරනු ලැබීය.

විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය ඥාණකීර්ති ස්වාමින් වහන්සේගේ අනුග්‍රාහකත්වය ඇතිව පැවැති මෙම ආගමික උත්සවය සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම අනෙකුත් ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

උදාවු පොසොන් පොහෝ දිනයට සමඟාමිව 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධික්‍ෂණය යටතේ එම සේනාංකයට අයත් සියළුම බලසේනා හා ඒකකයන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ නගර සභාව සමඟ එක්ව අම්පාර නගරය හා ඒ අවට ප්‍රදේශයන්හි පොසොන් කූඩු හා අනෙකුත් සැරසිලි කටයුතු සිදුකරන ලද අතර එම පොසොන් කලාපය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියහ.

මෙම පොසොන් කූඩු ජුලි මස 03 දින තෙක් දින 04 ක් පුරාවට ප්‍රදර්ශණය කරනු ලබන අතර මෙම පොසොන් කලාපය නැරඹීම සඳහා පළමු දින 03 හි අම්පාර නගරය වෙත පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් සඳහා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙබළුන් විසින් ඖෂධීය පානයක් වන බෙලි මල් දන්සලක් ලබාදුන්හ.

Sports News | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5