නේපාලයේ, කත්මණ්ඩු නුවර දී පසුගියදා පැවැති 13 වන දකුණු ආසියා මළල ක්‍රීඩා තරඟාවලිය - 2019, බර ඉසිලිමේ තරඟාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි. කුමාර සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් සමත්වූහ.
කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ, තරඟ වැදුණු රටවල් 7 ක ක්‍රීඩකයින් පරාජයට පත් කර දකුණු ආසියානු තරඟාවලියේ රන් පදක්කම දිනාගැනීමට ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි. කුමාර සමත්විය.
බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තිය යටතේ රිදී පදක්කම හිමිකරගැනීමට සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් සමත්වූ අතර කෙසේ වෙතත් එම ඉසව්වේ රන් පදක්කම පාකිස්තානයේ ක්‍රීඩකයෙකු විසින් හිමිකරගත්හ.
දිවයිනට සපැමිණි එම ක්‍රීඩකයින් දෙදෙනා යුද්ධ හමුදා බර ඉසිලිමේ කමිටුවේ ලේකම් මේජර් ඩි.එම්.එම්. සුභසිංහ, ප්‍රධාන පුහුණුකරු කපිතන් ඩබ්ලිව්.අයි.එන්. ද සිල්වා, පවුලේ සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. url clone | Nike nike dunk high supreme polka dot background , Gov