Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

දක්‍ෂතම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාදුරුඔයේදී විශේෂ පුහුණු වැඩමුළුවක්

ජාතික හා ජාත්‍යන්තර ඉසව් ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාව කීර්තියට පත්කළ යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික යහපැවැත්ම සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ දින 3 ක පුහුණු වැඩමුළුවක් පසුගිය දා මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්විය. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළු 80 ක් පමණ සහභාගී වූහ.  

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව සංවිධානය කළ මෙම වැඩමුළුව තුලින් ‘ධනාත්මක චින්තනය’, ‘සංවේදී බුද්ධි කළමණාකරනය’, ‘මානසික ආබාධ හඳුනාගැනීම’, ‘අභිප්‍රේරණය තුලින් ආත්ම විශ්වාසය, අභිමානය, සංස්කෘතිය හා නිපුණතා සංවර්ධනය’, ‘දේශප්‍රේමී හැඟීම්, සංස්කෘතිය හා කුසලතා ප්‍රවර්ධනය’ සහ එම ක්ෂේත්‍රය පිළිබඳ තවත් අවශ්‍ය කරුණු සමඟින් යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදී.  

යුද්ධ හමුදා විශේෂ බලකායේ ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ රන් පදක්කම්ලාභී බලලත් නිලධාරි නදීකා ලක්මාලී ඇතුළු මාණ්ඩලික සැරයන් යූ.කේ.එන්. රත්නායක, මාණ්ඩලික සැරයන් හිමාෂ එෂාන්, කෝප්‍රල් සුගන්ධී, කෝප්‍රල් ලේකම්ගේ, බොම්බොඩියර් අරුණ දර්ශන, ලාන්ස් කෝප්‍රල් රාජසිංහ, කාන්තා සෙබළ ඊ.කේ. මදුෂානී සහ කාන්තා සෙබළ දිල්ෂි කුමාරසිංහ ද සහභාගී වූහ.  

වැඩමුළුව අවසානයේ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූවන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කරන ලදී.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. Running sneakers | Air Jordan Release Dates 2020