Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 18:09:34 Hours

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය ‘Finger Swift 2023’ වැඩසටහන මගින් නව යෙදවුම් හඳුන්වා දෙයි

ශීඝ්‍රයෙන් දියුණු වන සයිබර් තාක්‍ෂණය සහ විවිධ යෙදවුම් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය සිය නවතම, යෙදදුම් ‘Finger Swift 2023’ වැඩසටහන මගින් යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින එළිදක්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

‘Finger Swift 2023’ මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන්ගේ කැපවීම මත එළිදක්වන ලද නව මෘදුකාංග සහ එමගින් භාවිතයන් සවිස්තරාත්මකව ඉදිරිපත්කර ඇති බැවින් භාවිතය වඩාත් පහසු කරයි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ප්‍රධාන සංඥා නිලධාරී සහ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ උත්සව අවස්ථාව ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදුකරමින් දී යුද්ධ හමුදාවේ භාවිතා වන තොරතුරු තාක්‍ෂණ ක්‍රම වේදයන් පිළිබඳව සකසන ලද ආකර්ශනීය වීඩියෝ පට මගින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.

එම අවස්ථාවේදී වීඩීයෝ පටයක් මගින් නවතමයෙන් නිර්මාණය කරන ලද the Army Digital Corresponding Platform (ADCP - the newest extension of the Army Daily Mail System), Workshop Management System for the Directorate of Electrical and Mechanical Engineering, Weapons and Troops Transport Authority Management System and the Army Digital Event Calendar යන තොරතුරු තාක්‍ෂණ යෙදවුම් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එළිදක්වන ලදී.

සයිබර් ආරක්‍ෂණය පිළිබඳව සිදුකරනු ලැබූ ආදර්ශන මගින් සයිබර් ආරක්‍ෂණ තර්ජන පිළිබඳව වටිනා දැනුම් සම්භාරයක් සහභාගී වූ පිරිස වෙත ලබාදුන් අතර, එහිදී නවතමයෙන් නිර්මාණය කරන ලද මාසික ඊ සයිබර් තෝරතුරු සඟරාව ද එළිදැක්විණි.

උත්සව අවස්ථාවේදී ආරාධිත දේශකයා වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා මහතා විසින් 'Digiecon 2030' ට අනුරූප වන රටේ තොරතුරු තාක්‍ෂණ මාර්ග සිතියම හදුන්වා දුන් අතර, එහි මුද්‍රිත පිටපත් ආරාධිතයින් අතර බෙදා දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ඉන්දික ද සොයිසා මහතාගේ දායකත්වය අගයමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් 27 දෙනෙකු වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයීම් සංකේත සහ සහතිකපත් ප්‍රදානය කරමින් ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන ලදී.

උත්සවය අවසානයේදී, ප්‍රධාන සංඥා නිලධාරීතුමන් විසින් මෙම කටයුතු සාර්ථක ලෙස සිදුකිරීමට ලබාදුන් මගපෙන්වීම සහ දායකත්වය අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එච්.ඩී.ජේ.පී වීරතුංග විසින් ස්තුති කතාව පවත්වන ලදී. උත්සව අවස්ථාවට පැමිණි ආරාධිත අමුතන් සමඟින් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියහ.

‘Finger Swift 2023’ එළිදැක්වීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද එක්ව සිටියහ.