Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2018 18:33:22 Hours

ත්‍රාසජනක පළමු ත්‍රිත්ව ‘බේස් ජම්ප්’ අත්දැකීම නිදහස් දිනයේ දී

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් දින උත්සවයේ දී කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ප්‍රථම වරට ඉදිරිපත් කළ ‘බේස් ජම්ප්’ පැනීම මඟින් නරඹන්නන් පුදුමයට පත් කරන ලදී. තවද බේස් ජම්ප් පැනීම යනු ගොඩනැගිලි, කුළුණු, පාලම් සහ කඳු මුඳුන් මත සිට සිදු කරනු ලබන ත්‍රාසජනක පැනීම් ආශ්‍රීත ක්‍රීඩාවක් ලෙස සැලකේ.

ඕස්ට්‍රියාවේ දී බේස් ජම්ප් පුහුණුව ලැබු කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් නලින් කුලතුංග සහ කෝප්‍රල් ඒ.එල්.ඒ ප්‍රේමලාල්, විශේෂ බලකායේ බළලත් නිලධාරි II එච්.කේ.එස් කුමාරසිරි විසින් කොළඹ, ෂැංග්‍රිලා හෝටල් සංකීර්ණයේ 53 වන මහලේ සිට මෙසේ ‘බේස් ජම්ප්’ පැනීම සිදු කරන ලදි.

බේස් ජම්ප් යනු ඉතා ත්‍රාසජනක ක්‍රියාකාරකමක් වන අතර, බිම් මට්ටමින් අඩි 500 කට වැඩි උසකින් (ස්ථිර වස්තුවකින්) පැනීම සිදු කරමින් පිහිටි භුමියට ළගාවීමට ප්‍රථම පැරෂුටය විවෘත කරනු ලැබේ. මෙම බේස් ජම්ප් සිදු කරන ක්‍රීඩකයින් විශේෂයෙන් නිර්මාණය කරන ලද පැරෂුටයක් උපයෝගි කර ගනියි.

මෙම පැරෂුට් ක්‍රීඩකයින් විසින් මීට ප්‍රථම ගුවනේ නිදහස් පැනීම් 500 ක් පමණ සිදු කරමින් බේස් ජම්ප් පැනීම සඳහා අවශ්‍ය ශරීර සුවතාව මෙන්ම අත්දැකිම් තුලින් පරිපූර්ණ වී ඇත. ඒ අනුව, දැනට ඕනෑම උසක සිට බේස් ජම්ප් ක්‍රීඩාවට සුදුසු තිදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතුව ඇත.

Adidas shoes | New Releases Nike