Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2020 06:53:43 Hours

ඩයලොග් ආසියාටා සමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සඳහා ඇමතුම් ගාස්තු අය නොකරන ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබාදෙයි

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහිව දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරමින් සිටින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් අතර ඇමතුම් ගාස්තු අය නොකරන ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම විසින් කටයුතු සැලසුම් කර ඇත.

ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සාමාජිකයින් ඉකුත් සිකුරාදා (06) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කළහ. එසේම එහිදී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සේවය පැසසුමට ලක් කරමින් ඔවුන් සඳහා මෙබදු දුරකථන සබදතාවයක් ලබාදිම තුලින් ඔවුන්ගේ කාර්යභාර්යේ සන්නිවේදන කාර්යක්‍ෂමතාව තවදුරටත් ප්‍රවර්ධනය වන බවත් මෙවන් සම්බන්ධතාවයක් මේ තීරණාත්මක අවස්ථාවන්හි හදුන්වාදීම පිළිබඳව එම අයතනය වෙත කෘතඥතාවය පළ කරන බවද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

ජිවිත අවදානම නොතකා දිවා රාත්‍රි මහජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකරන සෞඛ්‍ය සේවකයින් වෙත රාජකාරි කටයුතු වඩාත් හොඳින් පවත්වාගෙන යෑම සදහා මෙය මනා පිටුවහලක් වනු ඇතැයි ද යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ඩයලොග් එන්ටප්‍රර්යිස් සාමාන්‍යාධිකාරී රොෂාන් සිල්වා මහතා, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ගිණුම් කළමනාකරු පාලිත රත්නසේන මහතා, ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අංශ කළමනාකරු සුමේද හේරත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොෂාන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ තවත් එක් නිලධාරියෙක් ඇතුළු ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Authentic Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp