Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික කඹ ඇඳීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 16 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය - 2021 කොළඹ ටොරින්ටන් පිටියේදී පසුගියදා සාර්ථකව පැවැත්විණි. එහිදී, පිරිමි/කාන්තා ඛාණ්ඩ යටතේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 37 ක් තරඟ වැදුණි.

මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 7 ක් ද තරඟාවලියට සහභාගි වු අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.

23 පහළ කාන්තා - අනුශූරතාවය

23 පහළ පිරිමි - ශූරතාවය

කිලෝග්‍රෑම් 560 (කාන්තා) - ශූරතාවය

කිලෝග්‍රෑම් 640 (පිරිමි) - ශූරතාවය

විවෘත (පිරිමි) - ශූරතාවය

විවෘත (කාන්තා) - ශූරතාවය

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු, බ්‍රිගේඩියර් ප්‍රියන්ත නවරත්න, කර්නල් ධම්මික තිලකරත්න සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු තරඟාවලිය සඳහා සහභාගි වු ක්‍රීඩකයින් දිරිමත් කරමින් මෙම ජයග්‍රාහණයන් සඳහා දායක වුහ.