Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ දී යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් සමස්ත ශූරතාවයට හිමිකම් කියයි

දියවන්නාවේ ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති 37 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ -2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ පිරිමි සහ කාන්තා යන අංශ දෙක රන් පදක්කම් හතක් හිමිකර ගනිමින් සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් දින තුනක් පුරාවට සංවිධානය කර තිබු ඔරු පැදීමේ තරඟ ඉසව් සඳහා ත්‍රිවිධ හමුදාව, ඔරු පැදිමේ සංගම්, විශ්වවිද්‍යාල සහ පාසල් නියෝජනය කරමින් ඔරු පැදිමේ කණ්ඩායම් 12ක් තරඟ වැදුණු අතර, ඉන් යුද්ධ හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් දෙක අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර, අවසන් තරගයේදි පැවැති තියුණු තරඟකාරිත්වයකින් අනතුරුව යුද්ධ හමුදා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.

තරඟ ඉසව් 10කින් සමන්විත වූ මෙම තරගාවලියේදී ඉසව් 10න් රන් පදක්කම් 7ක් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ සියලුම ඔරු පැදීමේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් අතර, අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් උදය හේරත් සහභාගී විය.