Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 13:00:12 Hours

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සංචාරයක

කොළඹ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් චපාස් (Séverine Chappaz) මෙනවිය සහ සහකාර නිලධාරී පසුගිය බදාදා (16) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි හමුවිය.

මෙම සුහද හමුවේදී, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් සහයෝගයෙන් සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ආකාරය සබැඳිව අදහස් හුවමාරු කරගැණිනි.

සුහද හමුව සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම සෙවරින් චපාස් මෙනවිය ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබුවාය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් එක්වූහ.