Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2018 16:55:49 Hours

ජල ගැලීමෙන් අවතැන්වු ජනාතාවට ආහාර පාර්සල් බෙදාදීමට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් අවතැන්වූ ජනතාව මූදාගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන අතර ඇතැම් ප්‍රදේශයන්හි ජල මට්ටම් පහත බසින බවද වාර්තා වේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි බලධාරීන් සහ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ආපදාවන්ට ලක්වුවන්ට සහන සැපයීමේ ව්‍යාපෘති රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවති.

ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉරණවිල, උඩප්පුව, පාතවැව සහ වලහපිටිය යන ප්‍රදේශයන්හි ජනතාවට ආහාර පාන, වතුර බෝතල්, වියළි ආහාර, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් දෛනික අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් 14 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බෙදාදෙන ලදී.

තවද, 143 වන බලසේනාවේ භට පිරිස් සහ සිවිල් බලධාරීන් එක්ව තවත් අවතැන්වූ පවුල් 40 ක් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෙදාදෙනු ලැබීය. මෙම ආපදා තත්ත්වයෙන් අවතැන්වූ ජනතාව විශාල පිරිසක් තාවකාලික නවාතැන්වල නේවාසිකව සිටින අතර ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් රජය සහ විවිධ ආයතන විසින් සපයනු ලබයි.

bridgemedia | Air Jordan Release Dates 2021 Updated , Gov