Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2023 21:39:55 Hours

චීන හමුදාව වෙතින් විශේෂ සන්නිවේදන රථ පෙලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබා දෙයි

චීන හමුදාව වෙතින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පිරිනමන කරන ලද විශේෂ සන්නිවේදන රථ 11 ක් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්ඩී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී අඟහරුවාදා (අගෝස්තු මස 22) දින භාර දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝව් බෝ (Senior Colonel Zhou Bo) ද එක් වූහ.

උත්සවය ආරම්භයේදී දෙරටෙහි හමුදා අතර පවතින සුහදතාවය සහ අවබෝධය පිළිබඳ කෙටි වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලදී. අනතුරුව, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ අතර එම සන්නිවේදන රථ ප්‍රදානය කිරීමට අදාළ ලිපි ලේඛන අත්සන් කිරීම සිදු විය.

මෙරට ත්‍රිවිධ හමුදාවට වැදගත් වන ක්ෂේත්‍ර සන්නිවේදන රථ දහයක් සහ ජංගම අණදීම් සහ පාලන රථයක් සංකේතාත්මකව ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝව් බෝ විසින් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.