Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2018 16:00:48 Hours

ගෘහස්ථ ඔරුපැදීමේ තරඟාවලිය - 2018 සාර්ථකව නිමාවට

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරාගැනීම ශක්තිය, මානසික ශක්තිය හා ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා ක්ෂේත්‍රයකට ප්‍රවිෂ්ඨවෙමින් 6 වන ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය ඔක්තෝම්බර් මස 25 සහ 26 දිනයන් හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු හා ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය නියෝජනය කරන තරඟකරුවන් 250 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘Concept-2’ වර්ගයේ යන්ත්‍ර ආධාරයෙන් මෙම ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය විවෘත තරඟ ඉසව්ව සහ අභියෝග තරඟ ඉසව්ව යන තරඟ ඉසව් දෙකක් යටතේ වයස් කාණ්ඩ තුනක් නියෝජනය කරමින් පැවැත්වු අතර එහිදි ක්‍රීඩකයින් ජලයේ ඔරු පැදිමේ ක්‍රීඩාව සඳහා ඇති දක්‍ෂතාවය පෙන්නුම් කරනු ලබයි.

මෙම තරගාවලියේ අවසන් තරඟ ඉසව්ව දැක බලා ගැනීම සඳහා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග ගේ ආරාධනයට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගිවූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් ආරාධිත අමුත්තන් රැසක් ද එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදිමේ තරඟාවලිය අද වනවිට වාර්ෂික තරඟ ඉසව්වක් වශයෙන් පවත්වනු ලබන අතර මෙම තරඟාවලිය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් මෙවර තරඟාවලියේ ජයග්‍රහකයින්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් මෙන්ම සහතික පත්‍ර ද පිරිනමනු ලැබීය.

සමස්ථ තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම හිමිකරගත් අතර ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කණ්ඩායම පිළිවෙලින් අනුශූරතාවය හා තෙවන ස්ථානය දිනාගැනිමට සමත්විය.

සමස්ථ තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම හිමිකරගත් අතර ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම පිළිවෙලින් අනුශූරතාවය හා තෙවන ස්ථානය දිනා ගැනිමට සමත්විය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම විසින් විවෘත පිරිමි අංශයේ ශූරතාවය දිනාගනු ලැබු අතර ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල කණ්ඩායම අනුශුරතාවය දිනාගනු ලැබීය. තවද කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා බලකා කණ්ඩායම දිනාගනු ලැබු අතර ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම අනුශූරතාවය දිනාගැනිමට සමත් විය.

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය සෙබල එම්.එන්.එස්. ගුණරත්න තේරි පත්වූ අතර තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා සෙබල ජේ. මයුංගා තේරි පත්විය.

යුද්ධ හමුදා ඔරු පැදීම් ක්‍රීඩාව 1999 වර්ෂයේ ආරම්භ කරනු ලැබූව ද පැවති යුද්ධමය තත්ත්වය හේතුවෙන් එය 2009 වසර තෙක් අඛණ්ඩව සිදුකිරීමට නොහැකි විය. bridge media | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News