Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2024 16:16:41 Hours

ගජබා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී 2024 අප්‍රේල් මස 08 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ එන්ඩීයූගේ වෙතින් 13 වන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය භාර ගනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හොබවනු ලැබූ අතර එතුමන්ගෙන් පසුව ගජබා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. රෙජිමේන්තු ඉතිහාසය, සම්ප්‍රදායන්, එම රෙජිමේන්තුවේ ඒකකයන්හි ප්‍රධාන භූමිකාවන් සිදුකිරීම, නායකත්ව ගුණාංගයන් සහ රෙජිමේන්තු අභිමානය ඉහළ නැංවීම සඳහා කැපවීම මෙම ධූරය හොබවීමේ පරම වගකීමයි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියතු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.