Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2020 17:10:18 Hours

කොළඹ ජනකීර්ණ ප්‍රදේශතුල හදිසි උෂ්ණත්වය පරික්‍ෂවට යුද්ධ හමුදා ක්‍ෂණික ප්‍රතිචාර යතුරුපැදි කණ්ඩය යොදවයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික ප්‍රතිචාර යතුරුපැදි කණ්ඩායම මේ වනවිටත් ජනාකීර්ණ ප්‍රදේශවල ජනතාවගේ අහඹු ලෙස උෂ්ණත්වය පරික්‍ෂා කිරීමේ කටයුතු සඳහා යොදවා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂණික ප්‍රතිචාර යතුරුපැදි කණ්ඩායම දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අද (27) දින රාජගිරිය, මෝදර, ගොතටුව, පිටකොටුව, මාළාගාවත්ත, මට්ටක්කුලිය, මරදාන සහ අංගොඩ යන ප්‍රදේශයන්හි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ උෂ්ණත්ව පරික්‍ෂා කරන ලදී.

මේ තුළින් අහඹු ලෙස තෝරාගත් පුද්ලයින්ගේ උෂ්ණත්වය පරික්‍ෂා කර ඔවුන් නොදැනුවත්වම වෛරසය ආසාදනයවී ඇති බවට සැක ඇති වුවහොත් ඔවුන් කඩිනමින් අදාළ රෝහල් වෙත ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගැනේ.

යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුමේදී උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම සඳහා පැමිණෙන යුද්ධ හමුදා ක්‍ෂණික ප්‍රතිචාර යතුරුපැදි කණ්ඩායමේ සාමාජිකයින්ට සිය සහයෝගය ලබාදෙන මෙන් යුද්ධ හුමදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. jordan Sneakers | Nike Releases, Launch Links & Raffles