Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2021 22:38:49 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය වත්මන් කොවිඩ් - 19 ව්‍යාප්තිය හා හදිසි අවශ්‍යතාවයන් පිළිබඳ සමාලෝචනයක

කොවිඩ් - 19 වෛරසයේ නව ව්‍යාප්තියත් සමඟ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් හා අනෙක් පාර්ශවකරුවන් පසුගිය 27 වනදා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රැස්ව සිටි පිරිස අමතමින් වර්ථමානයේ පවතින කොවිඩ් - 19 වෛරසයේ 3 වන අදියරේ ස්වභාවය පිළිබඳව විස්තර කළේය. රටේ හුදකලා කළ ප්‍රදේශ පිළිබඳව විස්තර කරමින් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවදුරටත් ආසාදිතයින් හමුවන ප්‍රදේශ හුදකලා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එතුමන් කරුණු පැහැදිලි කළේය.

තවදුරටත් කරුණු දක්වමින් එතුමන් ප්‍රකාළ කළේ දැනට පවත්වන ලන්ඩන් AL විභාගය සඳහා පෙනී සිටින හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි විභාග අපේක්‍ෂකයින් යම් අපහසුතාවයකට මුහුණ දී ඇති බවයි.

මෙහිදී, අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගේ හැසිරීම මඟින් වර්ථමානයේ උද්ගත වී ඇති මෙම තත්ත්වය පාලනය කිරීම මගින් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වය තීරණය වන බව පැවසුවේය.

හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ සඳහා රෝහල්වල සූදානම හා හදිසි තත්ත්වයකදී ඔක්සිජන් සැපයීම පිළිබඳව ද එතුමන් විස්තර කළේය.

මේ අතර, රැස්ව සිටි කොවිඩ් - 19 කාර්ය සාධක බලකායේ සාමාජිකයින් හා වෙනත් පාර්ශවකරුවන් විසින් හුදකලා කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම, අත්‍යවශ්‍ය සේවාවන් සූදානම් කිරීම, ඔක්සිජන් සැපයීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථාන සහ එන්නත් කිරීමේදී පළමු මාත්‍රාව ලබාගත් අයවලුන් සඳහා දෙවන මාත්‍රාව ලබාදීමේ ක්‍රමවේදය වැනි පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.

එමෙන්ම, කොළඹ මහ නගර සභා කොමසාරිස් විසින් රුපියල් 5000/= දීමනාව ප්‍රතිලාභීන් සඳහා බෙදාදීමට යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටියේය. මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඒ සඳහා සහය ලබාදිය හැකි බව ප්‍රකාශ කළේය.