Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2020 19:34:47 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමට කැප වූ සියලුදෙනාට ආශිර්වාද එක්කිරීමේ කෘතවේදීත්වයේ මහා පිංකම රුවන්වැලි මහා සෑරදුන් අභියසදී

දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කළ සියලුදෙනාට ආශීර්වාද එක් කරමින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කරන ලද ‘දෙරණාභිවන්දනා’ කෘතවේදීත්වයේ පිංකම අද (05) දින සන්ධ්‍යාවේ ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී පැවැත්වීණි.

ශාන්ති පදනමේ අනුශාසක අතිපූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති නායක හිමියන් විසින් පුරා පැයකට ආසන්න කාලයක් අනුශාසනා සහිතව පැවැත්වූ මෙම ආශීර්වාද පිංකමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත විද්‍යා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින් සහභාගි වූහ.

දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, යුද, නාවික හා ගුවන් හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බළකා සාමාජිකයින්, රෝහල් හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශවයන් ජාතියේ යහපත උදෙසා ජිවිත තර්ජනාත්ම අවස්ථාවක සිදුකරන්නා වූ කැපවූ ජාතික කාර්යභාර්ය පැසසුමට ලක් කරමින් පැවැත්වූ මෙම ආශිර්වාද පිංකමේ අනුශාසනාව සිදුකළ අතිපූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති නායක හිමියන් ඔවුන් සියලු දෙනාටම පොසොන් පෝදා බැතිබරව ජාතියේ කෘතඥතාවය පළ කළහ.

සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්‍ෂණ ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් සංවිධානය කරනු ලැබූ පොසොන් දින වැඩසටහනට අති පූජ්‍ය ආචාර්ය මැදගම අබේතිස්ස නායක හිමිපාණන්, රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නය වැඩම කර සිටියහ. Nike air jordan Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf