Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2020 02:36:38 Hours

කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් නැගෙනහිර භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපකිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ත්‍රිකුණාමලයෙහි පිහිටි 22 වන සේනාංකය වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සේනාංකය විසින් මහත් හරසරින් යුතුව ඉතා උණුුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

22 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය (Drive - pass) ද පිරිනැමීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ සමඟින් 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අභියෝගය වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කැපවීමේ ඵලදායිත්වය මෙන්ම මෙම මරාන්තික වෛරසයෙන් බලපෑමට ලක් වූ අනෙකුත් රටවල් වලට ආදර්ශයක් වන පරිදි මනා සම්බන්ධීකරණයෙන් යුතුව මෙහෙයුම් යාන්ත්‍රණයක් මඟින් වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල සාර්ථකත්වය පිළිබඳව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම අවස්ථාව වෙනුවෙන් 22 වන සේනාංකය යටතේ ඇති බලසේනාවන්හී සහ ඒකකයන්හී භටපිරිස් මෙන්ම, 4 වන සන්නාහ සන්නද්ධ බළකා, 4 වන විශේෂ බළකායන්හී අතිරේක භටපිරිස් සහ භටකාර්ය සම්පාදන පාසැල්හී භටපිරිස් ද එක්වූහ.

මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් 22 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී ජ්‍යේෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවති අතර, එහිදී, ත්‍රිවිධ හමුදාවන් මඟින් කළමණාකරනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන, කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීමේ ක්‍රමවේදයන්, ආරක්‍ෂක කරුණු, ප්‍රජා ව්‍යාපෘතීන්, ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයය, ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතිය ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ හා සබැඳි අවශ්‍ය උපදෙස් ද යුද්ධ හමුදාධිපතිතුමා ලබාදෙන ලදී.

මෙහිදී, මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 22 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින් හා සෙසු නිලයින් සමඟ අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන්, එම සේනාංක මූලස්ථානයේ රාජකාරි කරනු ලබන මාණ්ඩලික නිලධාරින් මෙන්ම 22 වන සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු බලසේනාධිපතිවරුන් හා එ්කක අණදෙන නිලධාරින්ිි සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම අවස්ථාවත් සමඟම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරනු ලැබිණි.

සංචාරය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ වැදගත්කම පිළිබඳ කරුණු දක්වමින් එම බලප්‍රදේශය මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනට එම සේනාංකයේ භටපිරිස් දැක්වූ දායකත්වය පිළිබඳව ද අවධාරණය කරනු ලැබිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් “අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන්, ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරස් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ 22 වන සේනාංකයේ සොල්දාදුවන් වෙත අපගේ කෘතඥතාවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති වශයෙන් පළකරන අතර, අනාගතයේ දී රටේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ ජාතිය ගොඩනැගීමේ කාර්යයන්හී නිරත වීමට දිරිගැන්වීම සහ පෙළඹවීමට මා නිරන්තරයෙන්ම ඔබ ධෛර්යමත් කරමින් ඔබ සමඟ සිටිමි” යනුවෙන් සිය අදහස් ප්‍රකාශ කරනු ලැබිණි. තවද, අනතුරට ලක් වූ එම්.ටී නිව් ඩයමන්ඩ් (MT Diamond) බොරතෙල් ප්‍රවාහන නෞකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම නෞකාව කල්මුනේ ප්‍රදේශය ආශ්‍රිත මුහුදෙන් ඉවත් කිරීම වෙනුවෙන් “අපේ නාවික හා ගුවන් හමුදා භටපිරිස් ඉන්දීය වෙරළාරක්‍ෂක බළකායේ සාමාජිකයන් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා අඛණ්ඩව හා ඵලදායී ලෙස සහභාගී වූ අතර එය මැඩපැවැත්වීම සඳහා ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කරන බව” එතුමන් පෙන්වා දුන්නේය.

මාධ්‍ය වෙතින් නැඟූ තවත් පැනයකට පිළිතුරු දෙමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ මත්ද්‍රව්‍ය විරෝධී කටයුතු වෙනුවෙන් සම්බන්ධ වී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සහ සහෝදර සේවා සාමාජිකයින් ද අප සමාජයේම පුරවැසියන් මිස විදේශ ජාතිකයින් නොවන බව කිසිවෙකු අමතක නොකළ යුතු බවයි. “ඔවුන්ගේ නිල ඇඳුම් නිසා ඔවුන් බාහිර සමාජයෙන් වෙනස් නමුත් ඔවුන් ද අපේ සමාජයේ කොටසක්. ඔවුන් නිවාඩු ලබා සිටින අතරතුර ඔවුන් බාහිර පුද්ගලයින් හමු වන අතර, එහිදී ඔවුන්ගේ කඳවුරුවලින් පිටත සිටින මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ආදිය සම්බන්ධයෙන් කටයුතු කරන සමාජ විරෝධී, කටයුතු සඳහා ගොදුරු විය හැකිය. එවැනි සාපරාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඩුවම් ලබාදීමට මම පසුබට නොවෙමි. අපි කිසිවෙකුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඉඩ නොතබන අතර කඳවුරු තුළ එවැනි ක්‍රියා සිදුවීමට ද ඉඩ තබන්නේ නැති බව ද” එතුමන් පෙන්වා දුන්නේය.

උසස්වීම් සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් වත්මන් යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරින් 1436 දෙනෙක් සහ සෙසු නිලයින් 27,666 දෙනෙකුට ඔවුන්ගේ ඊලඟ නිලයට උසස්වීම් ලබාදීමට තම යුද හමුදාධිපති ධූර කාලය තුළ හැකිවීම පිළිබඳ සතුටුවන බවත් “උසස්වීම යනු සෑම කෙනෙකුම වෘත්තියක් තුළ අපේක්‍ෂා කරන දෙයක් වන අතර එය ඔවුන්ට වැදගත් වේ. ඉතින්, ඔවුන්ට පෙරට වඩා සතුටින් තම යුතුකම්, කාර්යයන් ඉටු කළ හැකිය. එය යම් පුද්ගලයෙකු තම යුතුකම් වඩා හොඳින් ඉටු කිරීමට උද්යෝගීමත් කිරීමෙහිලා ඉතා වැදගත් කරුණකි.” යනුවෙන් ද එතුමන් ප්‍රකාශ කර සිටියේය. තවද, සංචාරයේ නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි රට තුළ යුද්ධ හමුදා රෝහල් ස්ථාපිත කිරීම සබැඳිව නැගූ පැනයක් හමුවේ හමුදා රෝහල් පිහිටීම හා ඒවායෙහි සේවාවන් සැපයීමෙහි ක්‍රමවේදයක් පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබීය. best Running shoes | GOLF NIKE SHOES