Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2017 11:04:10 Hours

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 1063 කට වැඩි පිරිසක් උපාධි ලබයි

ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 27 වන උපාධි ප්‍රදානොත්සවය දෙසැම්බර් මස 11 සහ 12 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති අතර, එහිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවන් සාර්ථකව නිමකළ එම විශ්වවිද්‍යාල හමුදා සහ හමුදා නොවන සිසුන් 1063 ක වාර්තාගත සංඛ්‍යාවක් උපාධිධාරීන් ලෙස අභිෂේක ලැබූහ.

අඟහරුවාදා (12) දින පැවති අවසන් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, හිටපු හමුදාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවසන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා එක්ව සිටියහ.

ආරක්ෂක අධ්‍යයන, පරිපාලන, ව්‍යාපර කළමනාකරණය, නීතිය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, සැපයුම් කළමනාකරණය හා තාක්ෂණික විද්‍යා, සමාජ විද්‍යා, හමුදා අධ්‍යයන සහ ගුවන්යානා තාක්ෂණ පිළිබඳ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයන් නවයක ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලාවන් සාර්ථකව හැදැරූ උපාධිධාරීන් 1063 දෙනෙකු මෙහි දි ඔවුන්ට හිමි උපාධි සහතික ලැබූහ.

එහිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ විසින් උපාධි ප්‍රදානෝත්සවය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අදිමිරාල් සඳගිරි (විශ්‍රාමික), තානාපතිවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මාණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සම්භාවනීය අමුත්තන්, වෙනත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, එම විශ්ව විද්‍යාල ආරක්ෂක හා පරිපාලන නියෝජ්‍ය උපකුලපති සහ අධ්‍යයන නියෝජ්‍ය උපකුලපති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය දක්ෂිණ විශ්වවිද්‍යාලයේ භාරකාර, සියලුම පිඨාධිපතිවරුන්, හමුදා සහ සිවිල් උපාධිධාරීන්, උපාධිධාරීන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

jordan release date | New Releases Nike