Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2015 19:44:30 Hours

කිළිනොච්චියෙහි තවත් ඉංග්රී්සි පාඨමාළාවක් නිමා වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ නිළධාරීන් සඳහා පවත්වනු ලැබූ සිව්වන ඉංග්‍රීසි පාඨමාළාව සිකුරාදා (4) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී නිමා විය. පසුගිය අගෝස්තු මස 20 වන දින ආරම්භ කරනු ලැබූ මෙම පාඨමාළාව සඳහා නිළධාරීන් 17 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාළාවෙහි සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.බී රන්දෙණිය සහභාගි වූහ. මෙවර පාඨමාළාවෙහි ප්‍රථම ස්ථානය 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි කපිතන් එස්.ඒ.ඊ.ඒ.එච් පෙරේරා, දෙවන ස්ථානය 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.ජී.එන්.පී ජයතිලක සහ 3 වන ස්ථානය 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ ලුතිතන් කේ.ඩබ්ලිව්.ආර් එරන්ද සහතිකපත් ලබා ගනු ලැබීය. මෙහි සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ මාණ්ඩලික නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.bridgemedia | Nike for Men