Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 23:42:07 Hours

කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් උදාවූ නව වසර ඉහළින් සමරයි

2018 නව වසර උදාවත් සමඟ 57 වන සේනාංක මූලස්ථානය, සිවිල් වැසියන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සාමාජිකයන් සමඟින් එක්ව සංවිධානය කරනු ලැබු සංගීත ප්‍රසංගය ඉරිදා (31) දින රාත්‍රියේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, ප්‍රසංගය නැරඹීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ තරුණයින් හා සිවිල් වැසියන් 2500 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

කිලිනොච්චි සහ අවට ප්‍රදේශයේ සියලුම ජනවර්ගයන් අතර සුහදත්වය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘සිහාරා’, 3 වන ගජබා රෙජිමේන්තුවේ ‘සියෝගා’ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ‘නදන් වින්ඩ්’ යන සංගීත කණ්ඩායම් (31) දින රාත්‍රිය පුරාවටම ප්‍රසංග වේදිකාවේ දී නරඹන්නන් ප්‍රිති ප්‍රමෝදයට පත් කළහ.

නව අවුරුදු උදාවත් සමඟ ප්‍රසංග වේදිකාව නර්තනයෙන් වර්ණවත් කිරීමට අනුරාධපුර ‘ශයින්ගර්ල්’නර්තන කණ්ඩායමත් 57 වන සේනාංකයේ ‘සත්රංගා’ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ‘නදන් වින්ඩ්’ නර්තන කණ්ඩායම් ද එක්ව සිටියහ. එමෙන්ම, ප්‍රසංග වේදිකාව ගායනයෙන් හැඩවැඩ කිරීම සඳහා ජාලිය රණතුංග, අචලා ලක්මාලි, සනත් ප්‍රනාන්දු, එච්.ආර්. සොයිසා සහ ප්‍රින්ස් ද සිල්වා යන ජනප්‍රිය ගායන තරු රැසක් ද එක්වි සිටියහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන,57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ආරාධනයෙන් සහභාගි වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනා වල සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද ප්‍රසංගය සඳහා එක්ව සිටියහ.

සිංහල, දමිළ, හින්දි සහ ඉංග්‍රිසි ගීත රාවයෙන් සහ නර්තන කණ්ඩායම් හී රැඟුමින් සංදර්ශන රාත්‍රිය වර්ණවත් වූ අතර, පැමිණ සිටි පාසල් ළමුන්ද ක්‍රීඩා භාණ්ඩ සහ ත්‍යාග ලැබීමෙන් සතුටට පත් වුහ. මීට අමතරව, ගිණිකෙළි සංදර්ශණයකින් ද සංගීත රාත්‍රිය වර්ණවත් විය.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්,ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්, රජයේ නිලධාරින් සහ පෞද්ගලික අංශයේ ආරාධිතයන් රැසක් ද සහභාගි විය.

affiliate tracking url | Sneakers