Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2018 05:05:13 Hours

කිලිනොච්චි භට පිරිස් සංගීත චිකිත්සක සැසියක් සඳහා එක්වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 'සංගීත චිකිත්සා' වැඩසටහනක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදි සිකුරාදා (30) දින පවත්වනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබු මෙම සැසිය කලාසූරී ප්‍රවීණ සංගීතඥ ප්‍රදීප් බෝගහවත්ත මහතා ඇතුළු ‘Crescendo’ සංගීත කණ්ඩායම විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා හෝරා දෙකකට ආසන්න කාලයක් පුරා සංගීත රසාස්වාදය ලබාදුන්හ.

57 සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංගීත වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 52 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 800 ක් පමණ සහභාගි වූහ. best Running shoes | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD