Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් පැසිපන්දු පුහුණු කඳවුරක් සංවිධානය කරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ හිටපු උප සභාපති අජිත් කුරුප්පු මහතා හා එක්ව ජාතික මට්ටමේ පුහුණුකරුවන්ගේ සහාය ඇතිව කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් පැසිපන්දු ක්‍රීඩකයින් සහ හමුදා පැසිපන්දු ක්‍රීඩකයින් සඳහා දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් පැසිපන්දු පුහුණු කඳවුරක් ජුලි 14 සිට 16 දක්වා 7 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා පැසිපන්දු ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවකට අනුව සංහිඳියාව සහ සාමය පිළිබඳ හැඟීම් වැඩිදියුණු කිරීමේ අභිප්‍රාය පෙරදැරි කර ගනිමින් මෙම පුහුණු සැසිය සංවිධානය කළහ.

මෙම පුහුණු සැසිය මඟින් තරුණ පැසිපන්දු ක්‍රීඩකයින්ගේ හැකියාවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් කුමාර හදුන්මුල්ල ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අතර, පැසිපන්දු පුහුණු කඳවුර සඳහා සහභාගි වූ සියලුදෙනා වෙත සහතික පත්‍රයක් ද පිරිනමනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ නිලධාරීන් සහ ක්‍රීඩා විෂය භාර ගුරුවන් ද මෙහි සමාප්ති උත්සවය සඳහා සහභාගි වූහ.

Sportswear free shipping | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival