Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 11:50:18 Hours

ක්‍රීඩා ඉසව් තුළින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබාගත් ඉංජිනේරු සේවා රෙජිමේන්තු සාමාජිකයන්ට මූල්‍ය දිරිදීමනා

ආසියානු සම්මේලන හොකී තරඟාවලිය සහ දකුණු ආසියානු කබඩි තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ ක්‍රීඩා ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත මූල්‍ය දිරිදීමනා පිරිනැමීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 26 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එහිදී, 2022 ආසියානු හොකී ක්‍රීඩා උළලේ අනුශූරතාවය දිනාගත් කෝප්‍රල් ඩී.එම්.අයි.කේ. ජයසුන්දර සහ ලාන්ස් කෝප්‍රල් ඒ.පී. සංජීවටත්, 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි තරඟාවලියේ රිදී පදක්කමක් දිනාගත් ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.එම්.පී. කුමාරටත් මූල්‍ය දිරිදීමනා පිරිනමනු ලැබීය. අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් මෙම මූල්‍ය ප්‍රදානයන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.