Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2022 19:45:05 Hours

එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨයේ ප්‍රධාන විධායක නිලධාරි සහ සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එම්. රෝයි සීබී ඇතුළු දූත පිරිසක් පසුගිය බදාදා (02) දින සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරත වෙමින් එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය විසින් පෙබරවාරි මස 13 දින සිට 16 දින දක්වා පවත්වන 2023 දකුණු ආසියානු සේනාවිධායකවරුන්ගේ සැසිය සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව මෙම සුහද හමුවේදී කරුණු සාකච්ඡා කළ අතර, ආරක්‍ෂක අධ්‍යාපනය සහ වෘත්තීය අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා ක්‍රමවේදයන් සකස්කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ලැබීය. ඉන් අනතුරුව, සංචාරයේ නිරත දූත පිරිස සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල පරිශ්‍රයේ සංචාරයක ද නිරතවිය.

මෙම සුහද හමුව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර, මේජර් ජෙනරල් ඒ.එම්. රෝයි සීබී සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨය මගින් බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවන්හී සාමාජිකයන්, සිවිල් සේවක මහත් මහත්මීන්, අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවල නිලධාරින් සහ අනෙකුත් රටවල සේවාලාභීන් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීම සිදුකරයි.