Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th November 2017 18:36:26 Hours

එක්සත් ජාතින්ගේ දකුණු සුඩාන සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා හමුදා භට පිරිස් වෙත සාම සාධක පදක්කම් පිරිනමයි

එක්සත් ජාතින්ගේ දකුණු සුඩාන් සාමසාධක හමුදාව (UNMISS) යටතේ එරට පවත්වාගෙන යන රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා කණ්ඩයේ භට පිරිස් සාමසාධක රාජකාරින්හි මාස 6 ක කාලයක් සම්පුර්ණ කිරීම වෙනුවෙන් හිමිගන්වනු ලබන සාමසාධක පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය සිකුරාදා (24) දින සිදුවිය.

එක්සත් ජාතින්ගේ දකුණු සුඩාන් සාමසාධක හමුදාව (UNMISS) යටතේ සේවය කරන ශ්‍රී ලාංකීක හමුදා නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකු මාස 06 ක කාලසීමාවක් සාම සාධක රාජකාරින්හි නිරතව සිට ආපසු මව්රට බලා පැමිණිමට පෙර දින සන්ධ්‍යාවේ මෙසේ උත්සවාකාරයෙන් ඔවුන්ට හිමි පදක්කම් පැළඳවීම සිදු කෙරිනි.

යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් සුමනපාල යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනුමැතියෙන් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවන්හි සේවයේ නිරතව ලෝක සාමය වෙනුවෙන් දිවිපිදු සාම සාධක භට පිරිස් වෙත එහිදි පුෂ්පෝපහාර පුද කළ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉන් අනතුරුව පදක්කම් ලැබිමට නියමිත සාම සාධක හමුදා භට පිරිස් ඔහු වෙනුවෙන් පුදකළ හමුදා මුරයත්, සම්මාන ආචාර පෙළපාලියත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත්හ.

සාම සාධක භට පිරිස් වෙත එක්සත් ජාතින්ගේ සාම සාධක පදක්කම පිළිගන්වා ඉන් අනතුරුව භට පිරිස ඇමතු ප්‍රධාන ආරාධිත අමුත්තා ඔවුන්ගේ සාම සාධක රාජකාරින් අගයමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ශ්‍රී ලංකාවටත් ඔවුන් ලබාදුන් කීර්තිමත් සේවය පැසසුමට ලක් කළහ. තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා, පදක්කම්ලාභී සාම සාධක ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සමඟ එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

ඉන් අනතුරුව දකුණු සුඩාන ශ්‍රී ලංකා සාමසාධක හමුදා භට කණ්ඩයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සිදත් අමරසේකර ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පරිශ්‍රයේ වටිනා පැළයක් ද රෝපණය කළහ. එදින සන්ධ්‍යාවරුවේ පවත්වන ලද සංස්කෘතික සංදර්ශනය මෙම උත්සව අවස්ථාව වර්ණවත් කළහ.

සාමාසාධක රාජකාරින් ඉටුකොට පෙරළා මව්රට බලායන මෙම එක්සත් ජාතින්ගේ සාමසාධක ශ්‍රී ලංකා භට කණ්ඩයට විශේෂ උපහාරයක් ලෙසින් එක්සත් ජාතින්ගේ මහා ලේකම්වරයාගේ විශේෂ නියෝජිත කාර්යාලය විසින් සම්ප්‍රදායික පිළිවෙතින් බැහැරව, එක්සත් ජාතින්ගේ නියෝජිත නිලධාරියෙකුගේ සහභාගිත්වයෙන් තොරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියකු පමණක් ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවෙමින් අදාළ පදක්කම් පැළදවීමේ උත්සවය පැවැත්වීමට අවසර ලබාදි තිබුණි.

‘ශ්‍රීමෙඩ් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරි නිවස්නයේ (SRIMED Officers’Mess) පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව උත්සව කටයුතු අවසන්විය. නැගෙනහිර කලාප අණදෙන නිලධාරි , ක්ෂේත්‍ර පරිපාලන නිලධාරි, සියලු සාමසාධක භට කණ්ඩායම් අණදෙන නිලධාරින් සහ සෙසු වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් මෙම පදක්කම් පැළඳවීමේ උත්සවයේ විශේෂ ආරාධිතයින් වශයෙන් සහභාගිවිය.

Running Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival