Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2023 16:52:12 Hours

එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් විධානයේ දූත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

හවායි, ෆෝට් ෂෙල්ටර්හි පිහිටි එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් විධානයේ උපාය මාර්ග සහ සැලසුම් අංශයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), මේජර් බෙන්ජමින් ෆ්ලෝරස් (Major Benjamin Flores), මේජර් ඕමාර් කැවලියර් (Major Omar Cavalier) සහ කපිතන් කෙට්ලින් පෙනිකූක් (Captain Caitlin Pennicooke) පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින හදිසි සංචාරයක් අතරතුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, ආසියානු පැසිෆික් කලාපයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වයන්, ද්විපාර්ශ්වික පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ දෙරටෙහිම යුද්ධ හමුදාවන්ට වැදගත් වන තවත් කරුණු කිහිපයක් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සහ සංචාරයේ නිරත නියෝජිත පිරිස අදහස් හුවමාරු කරගත්හ.

සුහද හමුව සමාප්තියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් විධානය අතර පවතින සුහදත්වය සහ අවබෝධය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම සුහද හමුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ද සහභාගී වූහ.