Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:13:53 Hours

උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත උපහාර පුදකෙරේ

අභිනවයෙන් උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහ මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න වෙත උපහාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති සහ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් චන්දිම ලමාහේවාගේ උපදෙස් මත මෙම උපහාර උත්සවය හමුදා සම්ප්‍රදායානුකූලව සංවිධානය කරන ලදි.

ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ සියලු නිලයන් නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සපැමිණි නව උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනා ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජනක විමලරත්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙහිදි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහ මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගැමුණු හේවා බලකායේ දිවංගත රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළහ.

මෙම උපහාර උත්සවයට සමගාමීව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ සහභාගී වූහ. ඉන් අනතුරුව, නිලධාරි නිවස්නයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහ මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකෙරිණි. මෙම උත්සවයේ සමාප්තියේදී මේජර් ජෙනරල් චන්දිම ලමාහේවා විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල විසින් යුද්ධ හමුදාව වෙත සිදුකළ සේවාව ඇගයීමට ලක්කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.