Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2024 19:15:10 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

පසුගිය දා උසස්වීම් ලද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී 2024 පෙබරවාරි මස 26 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

උසස්වීම් ලද මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සංකේතාත්මක අසිපත පිරිනැමීමෙන් අනතුරුව පැවති සුහඳ හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සිය සුබපැතුම් එක් කළේය.

මෙම සුහඳ හමුවේදී, මේජර් ජෙනරල් ටී.ඒ. පීරිස් පීටීඑස්සී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.