Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2020 19:48:06 Hours

ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදු විරෝදාර රණවිරුවන් නිදහස් දිනයට සමගාමීව යාපනයේදී අනුස්මරණය කරයි

වර්ෂ 1987 සිට 1990 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති ‘පවන් මෙහෙයුම’ ඇතුළු අනෙකුත් මෙහෙයුම් අතරතුරදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දිය ජනරජයේ 74 වන නිදහස් දිනයට (අගොස්තු මස 15 වන දිනට යෙදී ඇති) සමගාමීව සෙනසුරාදා (15) දින යාපනයේ පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා සමඟ සම්බන්ධතාවයෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ මෙවර රණවිරු අනුස්මරණ උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ලක්‍ෂමන් ප්‍රනාන්දු මහතා සහභාගි විය.

මෙම උත්සවයට එක්වූ යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ලක්‍ෂමන් ප්‍රනාන්දු ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පලාලි පිහිටි ඉන්දීයානු සාමසාධක හමුදා ස්මාරකය අභියස පුෂ්පෝපාහාර පුද කරමින් සිය ගෞරවය දැක්වූහ. ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ලක්‍ෂමන් ප්‍රනාන්දු විසින් රණවිරු අනුස්මරණ උත්සවයට සපැමිණි යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන රණවිරු ස්මාරකය අභියසට කැදවාගෙන යනු ලැබීය. හමුදා සම්ප්‍රදායානුකූල බියුගල් වාදනයත් සමග රණවිරු අනුස්මරණ උත්සවය නිමාවට පත්විය.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. jordan release date | Men's Footwear