Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 18:20:53 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක කිලිනොච්චි සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිෂ්රා (Lieutenant Colonel Ravi Shekher Mishra) බ්‍රහස්පතින්දා (31) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි සහකාර ආරක්‍ෂක උපදේශකවරයා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් රවි පතිරවිතාන විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.අනතුරුව ඔවුන් සුහද අදහස් හුවමාරුව නිරත වූ අතර ද්වීපාර්ශවීය අන්නෝන්‍ය වැදගත් කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා කරනු ලැබීය.

මෙම අවස්ථාව මෙන්ම ද්වීපාර්ශ්වීය සහයෝගය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුවූ අතර එතුමන් නික්ම යාමට ප්‍රථමකිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතේහි සටහනක් ද තබන ලදි.

මේ අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී මිෂ්රා (Lieutenant Colonel Ravi Mishra) උතුරේ සිදු කල සංචාරයක් අතරතුර මැයි මස 30 වන දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සුහද හමුවේ දී, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක තත්ත්වය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය පිළිබඳ එතුමන්ව දැනුවත් කළහ.

Sport media | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov