Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 11:44:53 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව, 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ වැඩබලන අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එල්.ඒ. රත්නායක යූඑස්පී පීඑස්සී විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව ඒකකයේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මකව එතුමන් දැනුවත් කරන ලදී.

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම ඒකකයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි අතර, එම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. අනතුරුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.