Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2018 19:31:40 Hours

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අපොස සා/පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් දිරීගන්වයි

කොළඹ 02 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ මෙවර ආපොස සා/පෙළ විභාගය සඳහා පෙනීසිට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් දිරීගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ එම සිසුන් සමඟ සුහද හමුවකට එක්විය.

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ මෙවර ආපොස සා/පෙළ විභාගයේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගනිමින් සාරංග මල්ෂාන් විතානපතිරණ, ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු, එම්.ඩි.සි.විජේසුරිය සහ චමෝද් ඉරංගිකා තෙන්නකෝන් යන සිසු සිසුවියන් එම විද්‍යාලයට කීර්තියක් අත්කරදුන් අතර එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලය විසින් අනෙකුත් සිසුන් සහ දෙමාපියන් ඉදිරියේ එම සිසු සිසුවියන් ප්‍රශංසාවට ලක් කළහ.

මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රකා සේනානායක මැතිණිය ද සහභාගි වූ අතර එතුමිය විසින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් සිවුදෙනා වෙත මූදල් ත්‍යාග ද පිරිනමනු ලැබීය. මෙම පරිත්‍යාගය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ සහයෝග ලබාදුනි.

යුද්ධ හමුදාධිපතිතුමා ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කළ අතර, අනාගතයේ දී විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්නා ලෙස ද එතුමන් ඔවුන්ව දැනුවත් කළහ. යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳ විමසිමෙන් අනතුරුව ඔවුන් හට අවශ්‍යතා තිබෙනම් යුද්ධ හමුදාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලෙසත් එ් පිළිබඳ සොයාබලා කටයුතු කිරීමට ද එතුමන් පොරොන්දු විය. එමෙන්ම, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට දායකවූ එම විද්‍යාලයේ ගුරු මණ්ඩලයට ද සිය ස්තුතිය පුද කළහ.

මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රකා සේනානායක මැතිණිය, කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිණි ධම්මිකා ජයනේත්ති මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාණ්ඩලික නිලධාරි - I ලුතිනන් කර්නල් නලින්ද මහවිතාන ද සහභාගි වූහ.

Buy Sneakers | Nike News