Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2024 17:35:12 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 11 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 11 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පසුගියදා පවත්වනු ලැබීය.

සංවත්සර දිනය වෙනුවෙන් 2024 මාර්තු මස 12 දින භටපිරිස් විසින් බණ්ඩාරවෙල, අමුණුදෝව ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය. පසුදින (2024 මාර්තු මස 13) ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබූ අතර, එහිදී සංගීත රසාස්වාදන වැඩසටහනක් ද පවත්වනු ලැබිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 13 සවස සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කරන ලද අතර, ශූරයන් සහ අනුශූරයන් සඳහා කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් සිදුකරන ලදී. එදින සන්ද්‍යාවේ භටපිරිස් හි සහභාගීත්වයෙන් ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙත මහා සංඝරත්නයේ 25 නමක් වැඩමකරවා දානමය පිංකමක් ද 2024 මාර්තු 14 වන දින සිදුකරන ලද අතර, සැමරුම උත්සවයේ කටයුතු අවසන් කරමින් ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සංගීත සංදර්ශනයක් පවත්වනු ලැබීය.