Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2022 16:20:35 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් ‘ප්‍රචණ්ඩ අන්තවාදය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශණයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථානයේදී ‘ප්‍රචණ්ඩ අන්තවාදය සහ නව ප්‍රවණතා’ යන තේමාව යටතේ පැවති තෙදින වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක උපායමාර්ගික අධ්‍යයන පීඨයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සිංදුජා ජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශන‍ය ‘අන්තවාදය හැඳින්වීම’, ‘විවිධ ත්‍රස්තවාදී උපක්‍රම’, ‘ජිහාඩ් චින්තනය සහ එහි ඇදහිම’, අල්කයිඩා සහ එහි ගෝලීය මෙන්ම කලාපීය බලපෑම’, ‘ISIS සංවිධානය සහ එහි ගෝලීය මෙන්ම කලාපීය බලපෑම’, ‘ප්‍රචාරණය සහ එහි බලපෑම්’, ‘කලාපීය වශයෙන් ත්‍රස්ථවාදී ඉස්ලාම් අන්තවාදය සහ එහි ව්‍යප්තිය, ‘ඉස්ලාම් අන්තවාදය සහ නව ආරක්‍ෂක මානයන්’, ‘අන්තවාදය සහ ශ්‍රී ලංකාවට එයින් ඇතිවන බලපෑම’ ආදී මාතෘකා ඔස්සේ පැවැත්විණි.

වැඩමුළුව සමාප්තියේ දේශනය පැවැත්වූ කථිකාචාර්ය සිංදුජා ජයරත්න මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.