Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2022 21:40:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධීකරණයෙන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධීකරණයෙන් දානපතියකුගේ මූල්‍යමය අනුග්‍රහකත්වය මත හබරණ ඊරිගෙඔය ප්‍රදේශයේ අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන සිය බිරිඳ සමඟින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කේ සුනිල් මහතා සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ඉරාන් ලොකුකැටගොඩ ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ව්‍යාපාරික දානපතියෙකු වන ධනුෂ්ක මහතා විසින් ලබා දුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත මෙම නිවසේ ඉදිකිරීමේ කටයුතු පසුගිය සෙනසුරාදා (17) දින නිමකරනු ලැබීය.

නව නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා 3 වන ඉංජිනේරු සේවා බලකාය, යුද්ධ හමුදා 5 වන වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා 3 වන යුධෝපකරණ බලකාය සහ යුද්ධ හමුදා 3 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායන්හි භටපිරිස් විසින් තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලද අතර, එම ඒකකයන්ගේ අණදෙන නිළධාරීන් විසින් නව නිවස ඉදිකිරීමේ කටයුතු සමීපව අධීක්‍ෂණය කරමින් සහ අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපතිතුමන් විසින් නව නිවස නිවාස ලාභීන් වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.