Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 19:33:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වටලයි

කන්තලේ පොලිස් ස්ථානය වෙත ලද තොරතුරකට අනුව 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි භට පිරිස් එම පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගිය ඉරිදා (25) දින සිදුකරනු ලැබූ වැටලීමකදී අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 60 ක් සමඟ එක් සැකකරුවෙකු සහ කේරළ ගංජා ග්‍රෑම් 04 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාලක මල්සිංහ විසින් ලබාදුන් උපදෙස් සහ 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජේ.එල්.එන්. සිල්වා ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.