Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2023 19:20:06 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 52 පාබල සේනාංකයේ සංචාරයක

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස්හි කාර්යභාරය සහ ව්‍යාපෘතින් පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකළේය. අනතුරුව, එතුමන් එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරනු ලැබීය.

52 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයෙන් අනතුරුව එතුමන් වල්ලෙයි සහ අල්ලරෙයි ප්‍රදේශවල පිහිටි 521 සහ 523 පාබල බලසේනායන්හි සංචාරයේ නිරතවිය. මෙම සංචාරයන් සඳහා 52 පාබල සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.