Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2022 22:27:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් කටුකැලියාව බළඇණි පුහුණු පාසලේ බලඇණි පුහුණුවීම් අවසාන කරමින් පැවැත්වෙන එහි සමාප්ති උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඉකුත් සිකුරාදා (4) දින බලඇණි පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එම අවස්ථාව සඳහා සපැමිණි, 61 වන සේනාංකයේ සේනාංකාධිපති, 612 වන බලසේනාවේ බලසේනාධිපති සහ එම බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත පුහුණු පාසලේ උපදේශකයින් හඳුන්වා දෙන ලදී.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, පුහුණු පාසල අවට පරිසරය, සහ පාසලේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්‍ෂණය කළ අතර, උපදේශකවරුන්ගේ සහ සිසුන්ගේ සුභසාධනය සහ යටිතල පහසුකම් ඉදිරියේදී වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ඉන් අනතුරුව, සහ එම අවස්ථාවට පැමිණි අනෙකුත් සහභාගිවන්නන් ප්‍රධාන උපදේශකවරයා විසින් මෙහෙයවන ලද බලඇණි පුහුණු පාසලේ කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමකට සහභාගී වූහ. පසුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර උපදේශකවරුන් අමතමින්, උපදේශන ක්‍රමය, උපදේශක ගුණාංග සහ බහුවිධ ක්‍රියා කිරීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා සොල්දාදුවන්ගේ සම නිපුණතා වර්ධනය කිරීමට මග පාදන නිරන්තර පුහුණුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ අවධාරණය කළේය. අනතුරුව, කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ උපදේශක මණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන උපදේශක විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව නිතී විරෝධි ජන රැස්වීම් විසුරුවාහැරීම පිළිබඳ නිදර්ශණයක් පැවැත් වූ අතර, දේශන ශාලාවේ දී පුහුණු සාමාජිකයින්ගේ අවසන් ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.