Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2023 09:35:34 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පි පිඑස්සි අයිජි අගෝස්තු මස 21 සිට 23 දින දක්වා අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත 24 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සේනාංක මූලස්ථානය වෙත අගෝස්තු මස 21 දින සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පි යූඑස්පි පිඑස්සි ඇතුළු සියලුම නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පි පිඑස්සි අයිජි සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. 24 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයෙන් අනතුරුව එතුමන් එම සේනාංකයේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක වන දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ගඩොල් නිෂ්පාදන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කළේය.

ආගමික ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අගොස්තු මස 22 දින මුහුදු මහා විහාරයේ සහ ඔකඳ දේවාලයේ සංචාරය කරනු ලැබීය. අනතුරුව, මඩකලපුව ප්‍රදේශයේ අක්කරපත්තුව සහ කල්ලඩි පිහිටි 241 සහ 242 පාබල බලසේනාවන්හි සංචාරය කළ එතුමන් අදාළ බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සමඟ සුහද සාකච්ඡාවන්හි නිරතවිය. එදින සන්ධ්‍යාවේ 24 පාබල සේනාංකයේ නිලධාරී නිවස්නයේදී රාජ්‍ය නිලධාරින් සමඟින් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි අයිජි සුහද සාකච්ඡාවක නිරතවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අගෝස්තු 23 දින 243 පාබල බලසේනාවේ සහ බුද්දංගල රජමහා විහාරස්ථානයේ සංචාරයක නිරතවිය. ඉන් අනතුරුව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පි යූඑස්පි පිඑස්සි ගේ උපදෙස් මත අම්පාර වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ පරිත්‍යාග වැඩසටහනකට ද එතුමන් සහභාගී විය. පසුව, එතුමන් නොරච්චෝලේ නිවාස සංකීර්ණය නැරඹීමට ද එක්විය.

මෙම සංචාරය සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.