Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2024 18:04:35 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් දීඝවාපිය පුදබිමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීයූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ඇතුළු පිරිසක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින ‘දීඝවාපිය’ පුදබිමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණ කලහ.

පැමිණි අමුත්තන් පළමුව ‘දීඝවාපිය’ පුදබිමේ විහාරාධිපති මහඔය සෝභිත හිමි‍යන් බැහැදැක භික්ෂූන් වහන්සේලාගේ සුවදුක් විමසා ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය විමසූහ. අනතුරුව, ධාතු මන්දිරය, වන්දනාකරුවන් සඳහා වූ විවේකාගාරයේ සහ සංඝාවාසයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී පැමිණි පිරිස පුදබිමේ කැණීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟින් ද සුහඳ අදහස් හුවමාරු කර ගත්හ.

සංචාරය අතරතුර, පැමිණි පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන පොතුවිල්, සෙංගමුව නීලගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

මෙම සංචාරයට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආඥාපති ගිණිකොන නාවික පෙදෙස රියර් අද්මිරාල් එච්.එච්.එම්.පී ද සිල්වා යුඑස්පි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගි වූහ.