03rd January 2022 15:17:50 Hours
2022 නව වසරේ උදාව සහ නව වසරේ වැඩකරන පළමු දිනය ආරම්භ කිරීම සංකේතවත් කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වෙතින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සාම්ප්‍රදායික රසකැවිලි වලින් සමන්විත තේ පැන් සංග්‍රහයක් පිරිනැමූහ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් අජිත් දිසානායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් කොමදෝරු එච්.එල්.පී.ටී. සුගතපාල සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරල් සම්බන්ධීකරණ එයාර් වයිස් මාර්ෂල් වී.පී. බාලසූරිය විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.
ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූවේය. පසුව, එතුමන් එම අවස්ථාවට සහභාගී වූ පොලිස් නිලධාරින් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගනිමින් තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූවේය.
පසුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි - II මේජර් ඩී.ජී.එන්.පී. දංගොල්ල විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරමින් උත්සවයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. ඉන් අනතුරුව, මෙම උත්සවයට සුවිශේෂිත්වයක් එක් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත නව අවුරුදු දිරිගැන්වීම් ලෙස ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.