Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2018 16:09:08 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයේ දස්කම් පෑ විශිෂ්ඨයින් ඇගයුමට ලක් කරයි

පසුගියදා සාර්ථකව අවසන් වු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් හා එම තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දැක්වු ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමේ විශේෂ උත්සවයක් සිකුරාදා (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වු අතර ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්‍ෂක රාජ්‍ය ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගි විය.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් ජේ.පී.සී. ලක්මාල්, ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් නායක නැවි අයි.සී.ඩී දිසානායක සහ ගුවන් භට බී.ඩී.එච් ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත විශේෂ සමරු තිළිණ, සහතික පත් හා මුදල් ත්‍යාගයන් ද පිරිනැමු අතර ගරු අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම් තුමන් තම දේශයට මෙන්ම යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් වෙත ජයග්‍රහණයන් හා කිර්තිය අත්පත් කරදිම සඳහා ඔවුන් විසින් සිදුකල කැපවීම මෙන්ම ඔවුන්ගේ දක්‍ෂතාවයන් ඇගයීමට ලක් කරන ලදී.

මෙම ඇගයිමේ උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරින්, විවිධ ක්‍රිඩා ඉසව් නියෝජනය කරනු ලබන ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහ සුුභ පතන්නන් රැසක් එක්වු අතර, ත්‍යාග ප්‍රධානය සදහා ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සමගින් ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක රාජ්‍ය ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි එක්වන ලදී.

කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ කිලෝග්රැම් 248 ක බරක් ඔසවමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එහිදි ඔහු විසින් කිලෝග්‍රෑම් 114 ක් හා කිලෝග්‍රෑම් 134 ක බරක් මනා කළමණාකරිත්වයකින් මෙන්ම සමබරතාවයකින් ‘clean and jerk’ ක්‍රමයට ඔසවමින් සිය දක්‍ෂතාවය පිළිඹිබු කරන ලදී.

ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර යුද්ධ හමුදාවට මෙන්ම තම දේශයට කීර්තියක් අත්පත් කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි පිරිමි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ පැවති මුෂ්ටි ප්‍රහාරක අර්ධ අවසන් වටයේ තරගයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වු අතර ප්‍රතිවාදී ඉන්දිය ක්‍රීඩකයා සමඟ උරෙන් උර ගැටී කැපීපෙනෙන ලෙස දස්කම් දක්වනු ලැබීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල - 2018 පසුගිය අප්‍රේල් මස 4 වන දින ආරම්භ වු අතර දින 11 ක් පුරාවට පැවති මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 71 ක් නියෝජනය කරමින් 6,600 කට අධික ක්‍රිඩක ක්‍රිඩිකාවන් හා කණ්ඩායම් නිලධාරින් රැසක් සහභාගි වුහ.

jordan Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth