Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2023 18:14:10 Hours

ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ උපාධිධාරීන් අතර හමුවක්

ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ (APCSS) හිටපු උපාධිධාරීන් පිරිසක් පසුගිය සඳුදා (27) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සාකච්ඡාවක නිරතවිය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මැතිණිය සහභාගි වූවාය.

එහිදී, ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ උපාධිධාරීන් විසින් අනාගතයේදී කලාපීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා වන උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ‘අධ්‍යාපනය, සහසම්බන්ධතවය සහ බලාත්මක කිරීම ’ යන කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී. හවායි හි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථාන මඟින් වර්තමානයේ සහ අනාගතයේදී නායකයින්ට මුහුණදීමට සිදුවිය හැකි තර්ජන සහ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි විවිධ පසුබිම් සහිත මානව සම්පත සහජීවනය සහ දැක්මකින් යුතුව අනන්‍යය ඉදිරිදර්ශනයක් ගොඩනැගීමට සවිබල ගැන්වීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි.

පසුගිය වසර 27 ක කාලය තුළ, හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල සිවිල් සහ හමුදා නායකයින් සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් රැසක් පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇත. ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂක තත්ත්වයන්ට හොඳින් මුහුණ දීම සඳහා එම නායකයින්ගේ හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් උසස් පාඨමාලාවන් මගින් ඔවුන්ගේ දැනුම සහ කලාපීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමට උපකාරී වී ඇත.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, හවායි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් පීටර් ගුමාටාඕටාඕ (විශ්‍රාමික) (Rear Admiral Peter Gumataotao (Rtd)), නියෝජිත මහාචාර්ය ශ්‍යාම් ටෙක්වානි (Shyam Tekwani), ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lt Col Anthony Nelson ), එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්, උපාධිධාරීන් සහ තවත් පිරිසක් සහභාගී වූහ.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ද ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ උපාධිධාරියෙකි.