Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2018 21:12:58 Hours

ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාව පැවැත්වු නායකත්ව පුහුණු පාඨමාලාව අවසන්

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 643 දෙනෙකු වෙනුවෙන් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක සමාන්තරව පවත්වන ලද ‘නායකත්වය, ධනාත්මක චින්තනය සහ අධ්‍යාත්මික සංවර්ධනය’ පිළිබඳ සයදින වැඩමුළුව පසුගියදා අවසන් වුහ.

රටේ විවිධ ප්‍රදේශයන්හි සේවය කිරිම සඳහා විසිර යන නව ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන්සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම නායකත්ව පුහුණු වැඩසටහන් ලබාදී තිබුණි.

දින හයක් පුරා පැවැත්වු මෙම වැඩසටහනේ දී නායකත්ව කුසලතා හා ගුණාංග ප්‍රවර්ධනය, වෘත්තීය කුසලතා වර්ධනය, ජිවිතයේ අභියෝග ජය ගන්නා ආකාරය, නිවැරදි සමාජ අපේක්ෂාවන්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ මානසික සමතුලිතතාවය යන මූලික කරුණු පිළිබඳ අවධානයක් යොමුකර ඇත.

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් ලබාදෙනු ලබන තවත් එක් දායකත්වයක් ලෙස දියතලාව, කලත්තෑව, මින්නේරිය, ඇඹිලිපිටිය සහ බූවැලිකඩ යන යුද්ධ හමුදා පුහුණු පාසල් වලදි මෙම පුහුණු වැඩසටහන් ආරම්භ කරන ලදි.

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම නායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලෙස යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ‍ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය වෙත උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව,යුද්ධ හමුදා ප්‍රධාන පුහුණු පාසල් 05 ක් වන දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසල, ඇඹිලිපිටිය ඉංජිනේරු බලකා පුහුණු පාසල සහ බුවැලිකඩ සංඥා පුහුණු පාසල යන පුහුණු පාසල්වල සේනාවිධායකවරුන්ගේ අධික්ෂණයෙන් නව ආයුර්වේද වෛද්‍යවරුන් වෙත මෙම පුහුණුව ලබාදෙන ලදී.

මීට සති කිහිපයකට පෙර සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් ද මෙවැනිම පුහුණු ව්‍යාපෘතියක් යුද්ධ හමුදාව විසින් සාර්ථකව නිම කළ අතර, පොළොන්නරුවේ දී අතිගරු ජනාධිපතිතුමන් ද පැමිණ ඔවුන්ට සුභ පැතුම් එක් කළහ.

Sportswear free shipping | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C