Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 19:27:55 Hours

ආබාධිත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් සපුරාලමින් නව නාන කාමරයක් ඉදිකිරීම සඳහා 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 541 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූල්‍ය දායකත්වය මත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් සපුරාලමින් ඔහු වෙත අංගසම්පූර්ණ නාන කාමරයක් ඉදිකර පසුගිය ඉරිදා (25) දින නත්තල් දිනය නිමිත්තෙන් ප්‍රතිලාභියා වෙත පවරාදෙනු ලැබීය.

මන්නාරම, මුන්ඩම්පිඩ්ඩි ප්‍රදේශයේ වෙසෙන මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සේවියර් ඇන්තනි සිල්වෙස්ටර් මහතා 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයකට ලක්ව ඇත. මෙසෙල ආබාධිතව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සනීපාරක්‍ෂක පහසුකම් ඉතා අවම තත්ත්වයක ඇති බව සති කීපයකට පෙර භටපිරිස්හි නිරීක්‍ෂණයට ලක්විය.

එම භටපිරිස් විසින් 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් ලබාදුන් උපදෙස් මත 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව, ප්‍රතාලාභියාගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහුගේ පරිහරණයට සුදුසු පරිදි මෙම නව නාන කාමරය ඉදිකිරීම සඳහා භටපිරිස් කටයුතු කරනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගේ සහයෝගය ද හිමිවිය.

බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ නත්තල් දිනයේදී ප‍්‍රතිලාභියාගේ නිවෙස වෙත ගොස් නව නානකාමරය පවරාදීම මෙන්ම මූල්‍යමය ත්‍යාගයක් සහ වියළි ආහාර සලාක පාර්සලයක් ද ලබාදෙනු ලැබීය.