Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2017 21:17:10 Hours

ආබාධිත රණවිරුවන් ඔවුන්හට හිමි සුබසාධන සහ අනෙකුත් සහන පිළිබඳ දැනුවත් වේ

රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් 1500 ක් පමණ සිකුරාදා (17) දින පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ පැවති හමුවට එක්වු අතර, එහි දී යුද හමුදාව ඔවුන් වෙනුවෙන් දැනට සිදු කරමින් පවතින සුබසාධන ව්‍යාපෘති මාලාවන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් වැඩසටහනක් පවත්වන ලදි. එහිදි, අදාල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් දැනුවත් කිරීම ද සිදු කරනු ලැබිය.

රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සංවිධානය කළ මෙම හමුව සඳහා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ඒවායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූ අතර, මෙම ආබාධිත රණවිරුවන් සඳහා හඳුන්වා දී ඇති සුබසාධන ව්‍යාපාති පිළිබඳව මෙහිදි ඔවුන් දැනුවත් කළහ. තවද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස්.ඩි.ඉසෙඩ්. වික්‍රමරත්න සහභාගි වූ අතර, සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්විමෙන් පසු මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමෙන් අනතුරුව විධායක ජෙනරාල් විසින් මෙහි සමාරම්භක දේශනය ද සිදු කරන ලදි.

මෙහිදි, පැවති සාකච්ඡා වටයේ දී සහභාගි වූ සියලුම ආබාධිත රණවිරුවන් හට ඔවුන්ගේ ප්‍රශ්න, පැහැදිලිකිරිම් සහ නොයෙකුත් ගැටලු සඳහා අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් අදාල අධ්‍යක්ෂක මණ්ඩල නිලධාරීන් විසින් එම අවස්ථාවේදීම විසඳුම් හා අදාල තොරතුරු ලබාදෙන ලදි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ සංවිධානය කළ මෙම අන්තර් ක්‍රියාකාරි හමුව ඇමතිම රණසේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එන්.ඒ.පි.සි. නාපාගොඩ, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ.ඩි.එස්.එල්. පෙරේරා, පිරිස් පාලන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ඒ.එල්.එස්.කේ.පෙරේරා සහ යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.තිරුනාවුකරසු විසින් සිදු කළ අතර, එහිදි වැටුප්, දිමනා, විශ්‍රාම වැටුප්, සුභ සාධනය, රෝහල් පහසුකම්, නිවාඩු නිකේතන පහසුකම්, ණය සහන, නැවත බැදිම්, පාසල් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබඳව රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දැනුවත් කිරිම සිදු කරන ලදි.

සිකුරාදා (17) දින පැවති මෙම වැඩසටහනේ දී ආබාධිත රණවිරුවන්හට ඔවුන්ගේ ගැටලු පිළිබඳව අදාල නිලධාරින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවන් සිදු කර ඔවුන්ගේ ගැටලු සඳහා පිළිතුරු ලබා ගැනිමට අවස්ථාව උදා විය.

මෙම අවස්ථාවේ දී පිළිගැනිමේ කථාව බ්‍රිගේඩියර් එන්.ඒ.පි.සි. නාපාගොඩ විසින් සිදු කළ අතර, වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කමල් සුමනපාල, සුභ සාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් දෙහිවත්ත, ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න, පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්. තිරුනාවුකරසු, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, සියලු රෙජිමේන්තු මූලස්ථානයන් හී අදාළ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එමෙන්ම, රණසේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් සහභාගි වු රණවිරුවන්හට ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි.

bridge media | Nike Shoes, Sneakers & Accessories