Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2022 22:25:30 Hours

අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස දකුණු ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහකත්වය මත පලාලි උතුරු ප්‍රදේශයේ පිහිටි රජයේ දමිළ මිශ්‍ර පාසලේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 30 දෙනෙකුට අවශ්‍යව තිබු පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (20) දින ක්‍රියාත්මක විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් සම්බන්ධීකරණ කර්නල් සුරංග ද සිල්වා ගේ සම්බන්ධීකරණය මත අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ආර්.පී ලියනගේ ගේ දියණිය වන කුෂිනි ලියනගේ මහත්මියගේ සහයෝගය ඇතිව එක්සත් රාජධානියේ වෙසෙන පරිත්‍යාගශීලී තිලකා පෙරේරා මහත්මිය විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගී වූ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිළධාරී බ්‍රිගේඩියර් අනුර බණ්ඩාර ද මෙම අවස්ථාව සඳහා එක්වූහ.