Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2022 15:00:43 Hours

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පාලනය වන 23 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 233 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බළකායේ භට පිරිස්වලට ලද තොරතුරක් මත එම සන්නද්ධ බුද්ධි බලකයේ භට පිරිස් කදිරවේලි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින නාවලඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු සමග (Methamphetamine) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15.6ක්, රුපියල් 34,500/= ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 270,000/= පමණ බවට ගණන් බලා තිබේ.

මත්ද්‍රව්‍ය, මුදල් සහ උපාංග සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 233 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර පළාතෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මෙම ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන ලදි.